අද දිවයින පුරා ප්‍රාථමික අංශ සිසුන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස අඩු වී ඇත.

 

Lkeducation

 

අද (13) දිවයින පුරා ප්‍රාථමික අංශ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කළත් සුන්ගේ පැමිණීම ඉතා දුර්වල තත්වයක පැවති බව දිවයින පුරා විදුහල් වල විදුහල්පති වරුන් හා ආචාර්‍ය වරුන් පෙන්වා දේ. ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ රටේ දැනට උද්ගතවී ඇති තත්වය හමුවේ බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල වෙත රැගෙන ඒම නොකරන බවයි.

අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා පෙන්වාදෙන පරිදි දිවයිනපුරා පාසල් ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයක ඇති බවයි.

විශේෂයෙන්ම මධ්‍යම පළාත, වයඹ පළාත වැනි ප්‍රදේශ වල පාසල් වල සිසුන්ගේ පැමිණීම අතිශය පහළ අගයක පැවති බව එප පළාත්වල විදුහල්පති වරුන් ප්‍රකාශ කරයි.

එසේම රජය මගින් දිවයින පුරා පාසල් වල අධ්‍යාපන කටයුතු ආරක්ශාකාරීව සිදු කිරීම සදහා පාසල් අවට හා එම ප්‍රදේශ අවට ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ශාව තහවුරු කර තිබිණි.

2019/13/05

https://www.mathematics.lk/news/