Home

Mathematics.lk is the pioneer mathematics and science educational website in Sri Lanka. So we mainly aim to increase the mathematical knowledge in local students. Therefore we do provide free exam papers, model papers, evaluation papers, tutorials, educational workshops, special classes, jobs and courses.

දකුණු ආසියාවේ රටවල් අතුරින් වැඩිම සාක්ෂරතාවයක් (92%) හිමි රට වන ශ්‍රී ලංකාව ආසියාව තුළ ද ඉතා ඉහල සාක්ෂරතාවයන් සහිත රටවල් කිහිපය අතුරින්ද එකකි. ඉතා ඈත අතීතයක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුළ අධ්‍යාපන වූ කලී මානව සබදතා, සංස්කෘතීන්, ආගම් හා පරිපාලන තවයන් යටතේ විවිධ වූ වෙනස්කම් වලට භාජනය වෙමින් නව ප්‍රවණතා ඇති කරමින් සංවර්ධනය වී ඇත. 
ශ්‍රී ලංකාව තුළ මූලික වශයෙන් අධ්‍යාපනය ප්‍රාතමික, ද්විතීක හා උසස් අධ්‍යාපනය ලෙස අංශ ගණනාවක් ඔස්සේ පැවැත්වේ. මෙම සියළු ඉගැන්වීම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් දැනට රජයේ හා පෞද්ගලික පාසල් වල සිදු කරයි. ප්‍රාතමික අධ්‍යාපනය ( 1 සිට 5 ශ්‍රේණිය දක්වා ) සිංහල හා දෙමළ මාධ්‍ය වලින් පමණක් ඉගැන්වීම් සිදු කරන අතර ඉහල ශ්‍රේණි සදහා පෙර සදහන් ත්‍රයි භාෂා වෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුවේ.
අධ්‍යාපන අමාත්‍යංශ්‍ය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන සේවා අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව හා කාර්මික පුහුණු හා වෘත්තීය පුහුණු අමාත්‍යංහය වැනි රජයේ ආයතන මගින් සියළු අධ්‍යාපන කටයුතු පරිපාලනය කරනු ලබන අතර සිසුන්ගේ සියළු ඇගයීම් හා විභාග පැවැත්වීමද සිදු කරයි.
ශ්‍රීලංකාවේ මූලිකම ගණීත වෙබ් අඩවිය www.mathematics.lk වන අප ශ්‍රීලාංකීය සිසු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලමින් පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන මගින් ලබාදෙන වැඩසටහන් වලට වඩා වෙනස් වූ අමතර දැනුම් සම්භාරයක් දුවා දරුවන්ට දායාද කරමින් දැනට ක්‍රියා කරමින් සිටී. 
අපගේ මූලික අභිප්‍රාය වන්නේ විශ්වවිද්‍යාල ආචාර වරුන්, ගුරුවරුන් හා විශ්වවිද්‍යාල සිසුන් සම්භන්ධ කරගනිමින් ශ්‍රී ලංකාව තුළ තව තවත් වැඩිදියුණු වූ ලෝකයේ දියුණුතම අධ්‍යාපනික ක්‍රමවේදයන් නිවැරදිව හා සරලව අප සිසු දැරියන්ට පහසුවෙන් ලබා ගත හැකි පරිදි ලබා දීමටයි.

About us

Mathematics.lk is the Sri Lanka’s first and only mathematics educational website

Our mission

Providing a pioneering service among Sri Lankan educational web sites and providing better education for every student. 

Our offer

  • free tutorials
  • examination papers
  • classes / courses / Degree programs and jobs