Click here to share on social media.


how can we face the O/L Exam In Better Way | වඩා හොදින් අ.පො.ස. සා පෙළ විභාගයට මුහුණ දෙන්නේ කෙසේ ද..?

දැන් විභහගයත් අත ලගයි දැන් නං මම ඉවරෙටම ඉවරයි. මම දැන් මොකද කරන්නෙ..!
මෙවැනි අදහස් ඔබගේ සිතට මේ මොහොතේ දීත් එනවා නොඅනුමානයි. අප ජීවිතයේදී මුහුණ දීමට තිබෙන පළමු වගේම වැදගත් කඩ ඉමක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා ඇත්තේ තවත් මාස කිහිපයකි. ඔබ මේ අවස්ථාව වන විටත් එම කඩඉම ජයග්‍රහණය කිරීම සදහා ඉතා වෙහෙස වී පාඩම් වැඩ කරන සිසුවෙකු වන්නට පුළුවන. නොඑසේනම් “විභාගයනම් මොකක් ද… ඕකත් කජ්ජක් ද” යැයි පවසමින් කල් ගත කර මේ මොහොත වන විට දෙලොව රත් වී දැන් කරන්නෙ මොකක් ද??? යැයි සිතනා සිසුවෙකු වන්නට පුළුවන..
එනමුත් ඔබ සියළු දෙනාටම මේ මොහොත වන විට තමන් කොපමණ තරමට පාඩම් වැඩ නිම කර ඇත් ද.. නැතිනම් තව කොපමණ පාඩම් කළ යුතු දැයි යන්න නිෂ්චිත නිගමනයකට පැමිණීමට නොහැකිව සිටිනවා නොඅනුමානය.
 
 

දුවා දරුවනේ….

ඔබ මුලින්ම ඔබව විශ්වාස කළ යුතුය. ඔබගේ දැනුම විශ්වාස කළ යුතුය. ඔබ මේ මොහොත වන විට කිනම් හෝ දුරක් පැමිණ ඇත. ඔබ තනිව විසදූ ගණිත ගැටළු ප්‍රමාණය අති මහත්ය. එසේම ඔබ එකම විෂය කරුණ පාසලෙන් සමහර අවස්ථාවල උපකාරක පංති වලින් කිහිප වරක්ම අධ්‍යනය කරන්නට ඇත. සිතා බලන්න.. ඔබට ඉගෙනීමට ඇත්තෙ ඉතා අවම පාඩම් ප්‍රමාණයකි. දැන් ඔබට අවශ්‍ය වන්නෙ නිවැරදි සිහියකින් යුතුව ඔබ මේ තාක් දුරට අධ්‍යනය කර හා ඉදිරියට ඔබට අධ්‍යනය කිරීමට තිබෙන විෂය කරුණු නිවැරදිව හා පැහැදිළිව මතකයේ රැදෙන පරිදි ඉගෙනීමයි. ඒ සදහා ඔබ ඉදිරියට ඔබට ඉතිරිව ඇති කාලය මනාව කළමණාකරනය කරගත යුතුය. අප ඔබට කීමට යන්නේ ඉදිරියට පවතින කාලය මනාව කළමණාකරනය කර ගන්නා ආකාරයත් එම කාලයෙන් උපදරිම ප්‍රයෝජන ගෙන විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගන්නා ආකාරයත් ය.

 
 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයන් ප්‍රමාණය හා එම විෂයන් පාඩම් කළ යුතු ආකාරය.

ඔබට ඉගෙනීමට ඇත්තේ විෂයන් 09 ක් පමණි. ඉන් විශයන් 06 ප්‍රධාන ඛාංඩයේ විෂයන් වන අතර (ගණිතය, විද්‍යාව, සිංහල, ඉතිහාසය, බුද්ධ දර්මය, ඉංග්‍රීසි) අනෙක් විෂයන් අනු ඛාංඩ වලට අයත් වන විෂයන් වේ. සිතන්න, සතියක් සදහා දින 7 ක් ඇත. දැන් එක් දිනකට ඔබ විෂයන් 2 බැගින් පාඩම් කිරීමට ගතහොත් දින 1ක් සදහා එක් විෂයකුත් තවත් දින 2 ක් ඉතිරිවත් පවතී.

දිනකට විෂයන් දෙකක් තෝරා ගැනීමේදී ඔබ සැලකිළිමත් විය යුතු දෙයක් පවතී එනම් එක් දිනකට අධ්‍යනය කිරීමට ඔබ තෝරා ගත යුත්තේ පැටලීමකින් තොරව ඔබට අධ්‍යනයට පහසු විෂයක් හා අධ්‍යනයට අපහසු විෂයකි. ( උදාහරණ ලෙස : ගණිතය හා බුද්ධ දර්මය) මෙවිට ඔබට අධ්‍යනය පහසු වනවා පමණක් නොව ඔබ අධ්‍යනය කරන විෂයන් දෙක පැටලීමකින් තොරව මතකයේ රදවා ගැනීමටත් හැකියාව ලැබේ.

අප පහතින් දක්වා ඇත්තේ එවැනි ආකාරයට සැකසූ ක්‍රියාකාරකම් වගුවකි. විශේෂයෙන් කිව යුතු වන්නේ මෙය කාලසටහනක් නොවේ. මෙහි ඔබ පාඩම් කරන කාලයක් දක්වා නැත. එමෙන්ම එක් විෂයකට මෙපමණක් ‍යැයි කාලය වෙන් කොට නොමැත. මන්ද ඔබ සැම විටම යම් පාඩම් ඒකකයක් අධ්‍යනය කරන විට ඒ සදහා මෙපමණ කාලයක් යනවා යැයි නිශ්චිතවම කිව නොහැක. එසේම ඔබ මෙහිදී තරයේම සිතට ගත යුතු කරුණ වන්නේ යම් ඒකකයක් අධ්‍යනය කරන විට එය අවසන් වන තෙක්ම සිදු කළ යුතුය. එය විභාගයට පමණක්ම නොව ඔබගේ ජීවිතයටද වැදගත් පාඩමකි. මන්ද ඔබ පටන් ගත් දෙය ඉවර කිරීමට පුරුදු වී සිටීම ඉතා යහපත් ගුණාංගයක් වන බැවිනි.




කොහොමද මම වැඩ කරන්න ඕන...

ඔබ දැන් කළ යුතු වන්නේ ඉහත දක්වා ඇති ක්‍රියාකාරකම් වගුව ඔබට ගැලපෙන ආකාරයට වෙනස් කරගෙන එක් දිනකට උපරිම විෂයන් දෙකක් පමණක් අධ්‍යනය කිරීමයි. ඔබ පාඩම් කරන විෂය කරුණු නිවැරදිව මනසේ රැදෙන පරිදි ලිවීම මගින් හෝ කෙටි සටහන් සෑදීම වැනි ක්‍රම මගින් පාඩම් කිරීමයි.  අප මෙම ක්‍රමවේදයන් සාර්ථකව අත්හදා බලා නිවැරදි ක්‍රමවේදයන් පමණක් ඉදිරිපත් කරන නිසා ඔබට සැකයකින් තොරව මෙම ක්‍රම අනුගමනය කළ හැක.

විශේෂ කරුණ වන්නේ ඔබ එක් දිනක ( මෙම වගුව තුළ නම් සෙනසුරාදා දින ) ඔබ අද්‍යනය කළ විෂය කරුණු සදහා පුණරීක්ෂන අභ්‍යාස කළ යුතුවේ. මන් ද ඔබ පාඩම් කළ විෂය කරුණු ඔබගේ මනසේ කොපමණ රැදී පවතින්නේ දැයි ඔබටම දැනගත හැකි එකම ආකාරය වන්නේ ප්‍රශ්ණ සදහා පිළිතුරු ලිවීමයි. ඔබ ලියන පිළිතුරු ඔබම නිවැරදි දැයි බලන්න. එමගින් ඔබට ඔබගේ වැරදි, අඩුපාඩු ඔබටම නිවැරදි කර ගැනීමේ හැකියාවක් පවතී. ඔබ මෙම දිනයේ ( මෙම වගුව තුළ නම් සෙනසුරාදා දින ) පුණරීක්ෂණ අභ්‍යාස කරන විට නැවත විෂය කරුණු බැලීමෙන් වලකින්න.

එසේම එක් දිනයක ( මෙම වගුව තුළ නම් ඉරිදා දින ) ඔබ එම සතිය තුළ නිවැරදිව වැඩ කලේ ද..? නැතිනම් එක් විෂයක් හෝ අතපසු වූයේ දැයි නිවැරදිව බලන්න. ඔබට එසේ වී ඇත්නම් එම දිනයේ ( මෙම වගුව තුළ නම් ඉරිදා දින ) ඔබට අතපසු වූ විෂය පාඩම් කිරීම සදහා කාලය වෙන් කරවා ගන්න. එසේම මෙම දිනය තුළ ( මෙම වගුව තුළ නම් ඉරිදා දින ) ඊලග සතිය තුළ කළ යුතු වැඩ පිළිවෙල නිවැරදිව කාල ගත කර ඉදිරියට පැමිණෙන සතිය සදහා සූදානම් වන්න.

කිසිම විටක පසුබට වීමෙන් වලකින්න. ඔබට හිමි වන සෑම අවස්ථාවක්ම මෙම කෙටි කාලටය තුළ අධ්‍යන කටයුතු සදහා පමණක්ම යොදවන්න.නිතරම වාසනාවට වඩා උත්සහය සාර්ථක වන බව විශ්වාස කරන්න. එවිට ඔබට උසස් ප්‍රතිඵලයක් ලැබීම අනිවාර්‍යයි එය කිසිදු බාධකයකට වැලැක්විය නොහැකි වනු ඇත.
සංස්කාරක : mathematics.lk

Click here to share on social media.