Download PDF Grade 11 Lesson No 25 Probability (සම්භාවිතාව)
Grade 11 Lesson No 25 Probability (සම්භාවිතව)
11 ශ්‍රේණිය ගණිතය
පඩම් අංක 25
සම්භාවිතව පාඩම් ඒකකය
යම් සිද්ධියක් සිදුවීම හෝ නොවීම මත ගොඩ නැගෙන ගැටළු මෙහිදී ඔබට විසදීමට සිදුවේ. වැඩි සිසුන් පිරිසකට ඉතා පහසුවෙන් වටහා ගත හැකි හා ඉතා ඉක්මනින්, අඩු සුළු කිරීම ආකාර යොදා ගනිමින් ගැටළු සදහා පිළිතුරු ලබා ගත හැකි ඒකකයක් වන මෙම සම්භාවිතාව පාඩම් ඒකකය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් අතර වඩාත් ප්‍රචලිත ගැටළු ආකාරයකි.
තවද, කම්මැලි කමකින් තොරව ගැටළු විසදීමටත් අපගේ මොළය අඩුවෙන් වෙහෙසවා විභාගයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත හැකි ගැටළු ආකාරයකි.
සම්භාවිතාව ගැටළු විසදීමේදී ඔබ දැන සිටිය යුතු අවස්ථා ආකාර දෙකක් පවති. ඒවා පහත ආකාර වේ.
01.ස්වායක්ත සිද්ධි
යම් සිද්ධියක සිදු වීම තවත් සිද්ධියක සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොවේ නම් එම සිද්ධි ආකාරය ස්වායක්ත සිද්ධි ලෙස හැදින් වේ.
02.පරායක්ත සිද්ධි
යම් සිද්ධියක සිදු වීම තවත් සිද්ධියක සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එම සිද්ධි ආකාරය පරායක්ත සිද්ධි ලෙස හැදින් වේ.
පහත දී ඇති අභ්‍යාස පසුගිය විභාග ප්‍රශ්ණ අනුසාරයෙන් නිමවා ඇති අතර ඔබගේ සම්භාවිතාව ඒකකය සදහා වැදගත් අමතර පෙරහුරු ප්‍රශ්ණ වේ.